චීන රජය විසින් ශ්‍රී ලංකාවට නවීනතම විදුලියෙන් ක්‍රියාකරන (Electric) සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් මහතා මේ බව අනාවරණය කළේය.
ඊයේ (22) මහනුවරදී මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තානාපතිවරයා මේ බව සඳහන් කළේය.
ඉන්ධන භාවිතය නිසා සිදුවන අධික පරිසර දූෂණය අවම කිරීම මෙම ප්‍රදානයේ මූලික අරමුණයි.මෙලෙස ලබාදීමට නියමිත එක් බස් රථයක වටිනාකම අමෙරිකානු ඩොලර් 225,000ක් පමණ වන බව තානාපතිවරයා පැවසීය.
මෙම බස් රථ මෙරට පොදු ප්‍රවාහන පද්ධතියට එක්වීමත් සමඟ ඉන්ධන පිරිවැය ඉතිරි කර ගැනීමටත්, මගීන්ට නවීන පහසුකම් සහිත ගමනාගමන සේවාවක් ලබාදීමටත් හැකියාව ලැබෙනු ඇත.
චීන තානාපතිවරයා පළමුව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදුටු අතර, අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක මෙරට වත්මන් තත්ත්වය සහ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කළේය.

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි