ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ මේ වන විට පුරප්පාඩු ගැටලු රැසක් පවතිනවා.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න කියා සිටියේ එම ගැටලුව විසඳීමට ඉදිරි සති 2ක කාලය ඇතුළත නව බඳවා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙන බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පවතින පුරප්පාඩු සහ විශ්‍රාම ගැන්වීම් දත්තවලට අනුව 2023 දෙසැම්බර් 31වනදා විදුහල්පති සේවයේ පැවති මුළු පුරප්පාඩු සංඛ්‍යාව 3,151ක් බවයි.
විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු සඳහා දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, විධිමත් උසස්වීම් ක්‍රමයක් යටතේ බඳවා ගැනීමේ මෙම කටයුතු සිදු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්