කොළඹ මෙන්ම තදාසන්න ප්‍රදේශයන්හි මගී ප්‍රවාහන සේවාවන්වල නිරත රියැදුරන්ගෙන් සියයට 60ක් පමණ බරපතළ ආකාරයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී ඇති බව මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන සම්බන්ධයෙන් වන විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.
2025 වසරේදී රිය අනතුරු 2700ක් සිදුව ඇති බවත් ඉන් පුද්ගලයින් 2,700ක් මිය ගොස් ඇති බවත් ඔහු කීය.
ඉන් 2,000ක් පදිකයින්, යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන් වන අතර මිය ගිය පිරිසෙන් සියයට 53ක් පිරිමි පුද්ගලයින් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ අනතුරුවලින් සියයට පනහකට පමණ හේතුව රියදුරන් බවට අනාවරණවී තිබේ.
ඔවුන්ගෙන් බහුතරයක් මත්පැන් මෙන්ම විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන අය බවට හෙළිවී ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන තම රියදුරන් සම්බන්ධයෙන් බස් සංගම් වැඩි වශයෙන් හෙළි කර ඇති බවත් ඔවුන්ගෙන් සියයට හැටක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී ඇති බවත් ඔහු කියා සිටියේය.

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි