බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් හොර අරක්කු ඇල්ලූ පොලිස් නිලධාරියකුට බැන වදින ආකාරයේ හඬපටයක් සමාජ මාධ්‍ය ජාලාවලට නිකුත් වීමෙන් පසු අදාළ නිලධාරියා මොනරාගලට මාරු කර යැවීමට පියවර ගෙන ඇත.
ඊට අදාළ ලිපිය පොලිස්පතිවරයා විසින් මේ වනවිට නිකුත් කොට ඇත.
ඊයේ දිනයේදී එළියට ආ මෙම හඩපටයේ තමන් බෙලිඅත්තට ගෙනාවේ නාමල් රාජපක්ෂ මහතා බව එම පොලිස් ස්ථානාධිපතිවරයා සදහන් කරන ආකාරයද දැක්වේ.