Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කුලී නිවාස සම්බන්ධව ගෙන එන නව පනත් කෙටුම්පතේ අරමුණු මෙන්න

7 months ago

කුලී පදනම මත නිවාස ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා රජය ගෙන ආ නව පනත් කෙටුම්පතෙහි අරමුණු සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා (03) පැහැදිලි කිරීමක් සිදු කළේය.

අමාත්‍යවරයා පැවසුවේ මෙම පනත් කෙටුම්පතෙහි අරමුණ බවට පත්ව ඇත්තේ නිවෙස් හිමියා සහ එම නිවෙසෙහි කුලී පදනම මත රැඳී සිටින්නන් අතර පවතින සම්බන්ධතාවය ආරක්ෂා කිරීම බවය.

ඒ අනුව කුලී පදනම මත නිවසක් ලබා දීමේදී එළැඹ ඇති ගිවිසුම් අනුව ක්‍රියාකළ යුතු බවත් මොනයම් හෝ අයුරින් එම ගිවිසුම් කඩ කරමින් නීති විරෝධී ලෙස කටයුතු කළ නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“අද දිනයේ සිට තවත් මාසෙක කාලයක් ලබා දෙනවා මේ පනත් කෙටුපත් සඳහා මහජන අදහස් ලබා ගන්න. ඒ අදහස් අරගෙන මේක තවත් සංශෝධනය කරන්න පුළුවන්. අවසාන හැඩහුරුවට යන්නේ ඊට පස්සේ.

මේ පනත් කෙටුම්පත ගෙන ඒමේ බලාපොරොත්තුව නීත්‍යානුකූලව බැඳීමකට, එකඟතාවයකට ලක්වූ ගෙවල් හිමියා සහ කුලී නිවැසියා අතර සම්බන්ධතාවය තහවුරු කරන එක. ඒකෙදි දෙපැත්තටම සහන සැලසෙන අයුරින් තමයි මේ පනත් කෙටුම්පත සකස් කරලා තිබෙන්නේ. සමහර තැන්වලදි මේ ක්‍රියාවලියේදී ගෙවල් හිමියාට ප්‍රශ්න එනවා ඔහු නීතිය ඉදිරියේදී පිළිසරණ නැති අවස්ථා තිබෙනවා. ඒ වගේම කුලී නිවැසියා අසාධාරණයට ලක්වෙන අවස්ථාත් තිබෙනවා. මෙන්න මේ කුලි නිවැසියාත් නිවාස හිමියත් කියන දෙපාර්ශ්වය ආරක්ෂා කර ගැනීම අරමුණු කරගෙන සකස් කරන ලද පනතක්.

මේ පනත අදාළ වෙන්නෙම යම් දෙපාර්ශ්වයක් ගිවිසුම් ගත වුණහම අන්න ඒ ගිවිසුමට පිටින් කවුරුහරි කටයුතු කරනවානම් අන්න ඒ අසාධාරණයට ලක්වෙන අයට මේ පනත මගින් උපකාරයක් සැලසෙනවා. ගිවිසුමට පිටින් ගිහින් කාලයක් ඉන්නවානම් මේ පනත අදාළ වෙන්නෙත් නෑ ඒකට අදාළ වෙන්නේ සාමාන්‍ය නිතිය. ගිවිසුම් ගතවුණා නම් ඒ ගිවිසුම් ගතවුණු කාලය තුළදී නීති විරෝධී ලෙස කටයුතු කරන්න කාටවත් අයිතියක් ලැබෙන්නේ නෑ.

ඒ කියන්නේ අවුරුද්දකට ගිවිසුම් ගත වෙලා තියෙනවා මාස දෙකක් කලින් යන්න පුළුවන් කියලා ගිවිසුමෙන් බැඳිලා තියෙනවා. මාස දෙකකට කලින් අනීතික ලෙස ලයිට් කපලා හරි, වතුර කපලා හරි, විවිධාකාරයෙන් අඩත්තේට්ටම් කරලා හරි යවන්න හදනවානම් හෝ මේ ආකාරයෙන් අසාධාරණයට ලක්වෙනවානම් අන්න ඒ අයට සාධාරණයක් ඉටුකර ගැනීම සඳහා තමයි මේ පනත් කෙටුම්පත සකස් කරලා තිබෙන්නේ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *