අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්වූ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය සිය දැඩි විවේචනය එල්ල කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ වර්තමාන රජය යටතේ රටේ ජාතික ආරක්ෂාව සහ ජන ජීවිතයේ සුරක්ෂිතතාව ඉතා දරුණු ලෙස බිඳ වැටී ඇති බවයි. දිනපතා සිදුවන වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන පිළිබඳ විධිමත් පරීක්ෂණ පවත්වනවා වෙනුවට, ඒවා ‘පාතාලයට’ සම්බන්ධ කර සාමාන්‍යකරණය කිරීමට රජය උත්සාහ කරන බවටද ඔවුහු චෝදනා කරති.
ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් වුවද, පවතින රජය හිතාමතා හෝ සිය නොහැකියාව මත එම වගකීම්වලින් බැහැරව සිටින බව එම සංගමය සඳහන් කරයි.
වසර තිහක යුද්ධය නිමා කර ජනතාවට බියෙන් තොරව ජීවත්වීමේ අවකාශය උදාකළ නායකත්වයක් නියෝජනය කරන නීතිඥයින් ලෙස, මෙරට නැවතත් අරාජිකත්වයක් කරා ගමන් කිරීම පිළිබඳව තමන් දැඩි කම්පනයට පත්වන බවද එහි සඳහන් වේ.
මේ හේතුවෙන් ජාතික ආරක්ෂාව වහා ප්‍රතිසංවිධානය කර, නීතිඥයින් ඇතුළු වෘත්තීයවේදීන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස එම සංගමය රජයට බලකර සිටියි.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට