ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වූ ණය මුදල ලබා ගැනීමට නොහැකි වනු ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ආර්ථික විශේෂඥයන් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ මෙය රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තවදුරටත් ව්‍යාකූල කරනු ඇති බවයි.
මෙම ණය මුදල ලබාගැනීමට නොහැකිවීමට බලපා ඇති ප්‍රධාන හේතුව චීනය විසින් ණය
ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා ආරම්භ නොකිරීම බව සඳහන්.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබන මාසයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක් ලබා ගැනීම සදහා වන කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වනු ඇති බවයි
පැවසෙන්නේ.
එම පසුබිම තුළ අදාළ ණය මුදල ලබාගැනීමට ලබන වසරේ මාර්තු මාසය තෙක් බලා සිටීමට
සිදුවනු ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් මෙරට ප්‍රධාන ණය දෙන්නන් අතර සිටින ජපානය සහ ඉන්දියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.
මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුමැතිය ලබා ගැනීමේ තවත් පියවරක්
ලෙස මෙරට නිල ණයහිමියන් සමඟ සාකච්ඡාවක් පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය
නිවේදනය කළා.
මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම සාකච්ඡාව පවත්වා තිබුණේ මාර්ගගත තාක්ෂණය
ඔස්සේයී.
ශ්‍රී ලංකාව තීරණාත්මක අවධියක සිටින අතර, සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීම අපේක්ෂාව බවයි එහිදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි