Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මූල්‍ය අරමුදලෙන් ඉල්ලූ ණය දෙසැම්බරයේ නොලැබෙන ලකුණු

2 years ago 652

ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වූ ණය මුදල ලබා ගැනීමට නොහැකි වනු ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ආර්ථික විශේෂඥයන් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ මෙය රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තවදුරටත් ව්‍යාකූල කරනු ඇති බවයි.

මෙම ණය මුදල ලබාගැනීමට නොහැකිවීමට බලපා ඇති ප්‍රධාන හේතුව චීනය විසින් ණය
ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා ආරම්භ නොකිරීම බව සඳහන්.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබන මාසයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක් ලබා ගැනීම සදහා වන කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වනු ඇති බවයි
පැවසෙන්නේ.

එම පසුබිම තුළ අදාළ ණය මුදල ලබාගැනීමට ලබන වසරේ මාර්තු මාසය තෙක් බලා සිටීමට
සිදුවනු ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මෙරට ප්‍රධාන ණය දෙන්නන් අතර සිටින ජපානය සහ ඉන්දියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුමැතිය ලබා ගැනීමේ තවත් පියවරක්
ලෙස මෙරට නිල ණයහිමියන් සමඟ සාකච්ඡාවක් පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය
නිවේදනය කළා.

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම සාකච්ඡාව පවත්වා තිබුණේ මාර්ගගත තාක්ෂණය
ඔස්සේයී.

ශ්‍රී ලංකාව තීරණාත්මක අවධියක සිටින අතර, සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීම අපේක්ෂාව බවයි එහිදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *