Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්! පාසල් සංවර්ධනයටත් ප්‍රතිපාදන නිදහස් කෙරේ!

1 week ago

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීමේ පියවරක් ලෙස 2027 වසරේ සිට හය ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක යුධගනාව රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන නායක හිමියන් බැහැදුටු අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ නව පෙළපොත් මුද්‍රණ කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා එම වගකීම අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට රජය තීරණය කර ඇති බවයි. මෙමඟින් පෙළපොත් බෙදාහැරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පළාත් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දැනටමත් ලබා දී ඇති බවත්, එම ප්‍රතිපාදන නිසි ලෙස පාසල් සංවර්ධනයට යොදා ගන්නා ලෙසත්, ඒ අනුව පාසල්වල පවතින අඩුපාඩු සකස් කර ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *