ඉරානයට අයත් ‘IRIS Bushehr’ නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ එහි 208ක් වූ නෞකාවේ කාර්ය මණ්ඩලය මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවය.
මෙහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කලාපයන් සහ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයකට ගැටුම්වලදී පක්ෂපාති ආකාරයෙන් භාවිත කිරීමට හෝ වෙනත් රටකට පීඩාවක් ඇතිවන ආකාරයෙන් භාවිත කිරීමට ඉඩ නොදෙන බවය.
“ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරයේ අපේ මධ්‍යස්ථභාවය, අපි අපේ භූමිය, අපේ මුහුදු කාලාපයන්, අපේ ගුවන් කලාපයන් කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාති ආකාරයට හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙනදෙන ආකාරයේ කටයුතු කරන්න ඉඩදෙන්නේ නැහැ. එ තමයි අපේ ස්ථාවරය. ඒ නිසා ගැටුම ආරම්භ වූ මොහොතේම අපි ගනු ලැබූ ක්‍රියාමාර්ග අපි කරනු ලැබූ ප්‍රකාශයන් මේ සියල්ල මේ ස්ථාවරය මත පදනම්ව තමයි අපි කටයුතු කරමින් තිබෙන්නේ. ඒ අනුව තමයි ඉරානයේ නෞකාවන් දෙකක් පිළිබඳව ප්‍රශ්නය මතුවී තිබෙන්නේ එහිදීත් අපි අනුගමන කරමින් තිබෙන්නේ මධ්‍යස්ථභාවය. ඒ වගේම ජාතියක් සහ රාජ්‍යයක් ලෙස කිසිසේත්ම මධ්‍යස්ථාභාවය ආරක්ෂාකරන ගමන් මුනුෂත්වය අපි අංක එකට තියෙනවා. ඒ නිසා අපි කිසිසේතම පැකිලෙන්නේ නැහැ මනුෂත්වය ආරක්ෂා කර ගැනීම සඳහා, මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග තිබෙනවානම් ඒ ක්‍රියාමාර්ග ගැනීමට අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. මම හිතනවා එය තමයි රාජ්‍යයකට ගතයුතු ඉතාමත් හොඳම ප්‍රතිපත්තිය. අපි ඒ ප්‍රතිපත්තිවල ඉදගෙන කටයුතු කරනවා.”

ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම