බඳින තුවක්කුවත් පත්තු වී හම්බන්තොට කටුවන සියාරපිටිය මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ පාදයට බරපතළ තුවාල සිදුව තිබෙනවා.
පාසලට ආසන්නයේ පිහිටි ඉඩමක බැඳ තිබූ තුවක්කුවක් පත්තු වී සිසුවා අනතුරට ලක්ව ඇති අතර ඉඩමේ හිමිකරු කටුවන පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
තුවාල ලැබූ සිසුවා පාසල් ක්‍රීඩාංගණයේදී යහළුවන් සමග ක්‍රිකට් ක්‍රීඩාකර තිබුණේ ඊයේ (08) පස්වරුවේය.
එලෙස ක්‍රිඩා කරමින් සිටිය දී පන්දුව ක්‍රීඩාංගණය පිටුපස ඇති ප්‍රධාන මාර්ගයට යාබද ඉඩමට යෑම හේතුවෙන් සිසුවා එය රැගෙන ඒමට එම ස්ථානයට ගිය අවස්ථාවේ එම ඉඩමේ අටවා තිබූ බඳින තුවක්කුවක් පත්තු වී සිසුවාගේ දකුණ කකුලට තුවාල සිදුවී තිබේ.
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ සිසුවා අද (09) උදෑසන ශල්‍යකර්මයකටද ලක්කෙරුණි.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්