කහටගස්දිගිලිය, රත්මල්ගහ වැව ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ගැබිනි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
23 හැවිරිදි අදාළ කාන්තාවගේ සැමියා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව කහටගස්දිගිලිය පොලීසිය පැවසීය.
ඊයේ (08) දහවල් 2.30ට පමණ රාජකාරී අවසන් කර සැමියා සමග නිවෙස බලා යමින් සිටිය දී මැදවච්චියේ සිට පැමිණි ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබුණි.
මියගිය කාන්තාව කහටගස්දිගිලිය මුස්ලිම් මහා විද්‍යාලයේ ගුරුවරියක් වන අතර කහටගස්දිගිලිය කිරිඉබ්බැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
බරපතළ තුවාල ලබා සිටි මියගිය කාන්තාවගේ සැමියා කහටගස්දිගිලිය රෝහලට ඇතුළු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කහටගස්දිගිලිය පොලීසිය විසින් සිදුකෙරේ.

පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය
රටම බලා සිටි පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!
පොලිස් අණ නොතකා පලාගිය සුඛෝභෝගී රථයට වෙඩි තබා අල්ලයි! මත්ද්‍රව්‍ය සමග රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට! (වීඩියෝ)
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
රන් මිල පහළට