Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉරානය පළමුවරට ඉන්දීය සාගරයේ ඇමරිකානු කඳවුරකට ප්‍රහාර එල්ල කරයි

1 month ago

ඉන්දියානු සාගරයේ පිහිටි අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ හමුදා කඳවුරක් වන ඩියාගෝ ගාර්ෂියා ඉලක්ක කරමින් ඉරානය බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කර ඇති බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නලය’ වාර්තා කරයි.

ඉන් එක් මිසයිලයක් ගමන් මාර්ගයේදීම විනාශ වී ඇති අතර, අනෙක් මිසයිලය අමෙරිකානු යුධ නෞකාවක් මගින් විනාශ කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

ඉරාන භූමියේ සිට කිලෝමීටර් 4,000ක් පමණ දුරින් පිහිටි මෙම උපායමාර්ගික කඳවුර වෙත ප්‍රහාර එල්ල කිරීම හරහා ඉරානයට යුරෝපයේ පිහිටි යුධ කඳවුරු පවා ඉලක්ක කිරීමේ හැකියාව පවතින බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

මධ්‍යම ඉන්දියානු සාගරයේ පිහිටි ඩියාගෝ ගාර්ෂියා කඳවුර මීට පෙර ඇෆ්ගනිස්ථාන සහ ඉරාක යුද්ධවලදී අමෙරිකාව සිය ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරනු ලැබීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *