එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ආරම්භ කර ඇති විශේෂ බස් රථ සේවාව අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ සභාපති සජීව නන්න්දන කනගරත්න මහතා පැවසුවේ කොළඹ සිට දුර පළාත් සඳහාත් දුර පළාත් සිට කොළඹ දක්වාත් අදියර දෙකක් යටතේ එම බස් රථ සේවාව ක්‍රියාත්මක වන බවය.
ඒ අනුව පසුගිය 08 වැනි දින සිට එළැඹෙන 13 වැනි දින පස්වරුව දක්වා කොළඹින් පිට පළාත් සඳහා විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක වන අතර 15 වැනි දින සිට අප්‍රේල් 21 වැනි දින දක්වා පිට පළාත් සිට කොළඹ දක්වාත් මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක වන බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම විශේෂ බස් රථ සේවාව සඳහා වෙනත් ප්‍රාදේශීය ඒකකවලින් බස් රථ 1,500ක් කොළඹ මධ්‍යම බස් රථ නැවතුම්පළ වෙත ගෙන්වා ඇති බවත් පැවසූ ඒ මහතා ඊයේ (10) දිනයේ සිට ගතවූ පැය 24ක කාලය ඇතුළත බස් රථ 1,490ක් කොළඹින් පිට පළාත් සඳහා ධාවනය කර ඇති බවත් පෙන්වා දුන්නේය.
එහිදී සාමාන්‍ය ගමන්වාර සඳහා බස් රථ 1,200ක් ගමන් වාර සඳහා යොදවා ඇතැයිද පැවසූ ඒ මහතා බස් රථ 98ක් හැටන් දක්වාද, බස් රථ 148ක් නුවර දක්වාත්, බදුල්ල දක්වා බස් රථ 60ක් සහ අනෙකුත් ගමනාන්ත බස් රථ 84ක් ද යෙදවා ඇති බවත් සඳහන් කළේය.
මෙම විශේෂ බස් රථ සේවාව තුළින් වැඩිම බස් රථ ප්‍රමාණයක් ධාවයට යොදවා ඇත්තේ නුවර, නුවරඑළිය, හැටන් යන ප්‍රදේශ සඳහා බව පැවසූ ඒ මහතා මීට බලපා ඇත්තේ පසුගිය දිට්වා ආපදාවෙන් පසු මේ වන තෙක් එම ප්‍රදේශ සඳහා දුම්රිය ධාවනය අඩාල වීම බවත් මේ හේතුවෙන් එම ප්‍රදේශ සඳහා වැඩි මගී ඉල්ලුමක් පවතින බවද පැවසීය.
මේ වන විට කොළඹ මධ්‍යම බස් රථ නැවතුම්පළ තුළින් විනාඩි 20කට වරක් බස් රථයක් පිටත් වන බවත් සඳහන් කළ ඒ මහතා එක් බස් රථයක මගීන් පිරුණු සැණින් අනෙක් බස් රථය යෙදවීමට පියවර ගෙන ඇති බවත් සඳහන් කළේය.
එමෙන්ම පෞද්ගලික බස් රථ ධාවනය අඩු අගයක් ගෙන ඇති කතරගම, තංගල්ල, ඇඹිලිපිටිය, හම්බන්තොට යන ප්‍රදේශ සඳහාත් බස් රථ ධාවනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇති බවත් පැවසූ ඒ මහතා මෙම සියලුම ගමනාන්ත සඳහා මගී ඝණත්වය අනුව බස් රථ යෙදවීමට පියවර ගන්නා බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා