Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හන්තාන සඳගිරි සෑ ගර්භය බිඳ පූජා භාණ්ඩ රැසක් සොරකම් කරලා

46 minutes ago

දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගේ නොමඳ ගෞරවාදයට හා ප්‍රසිද්ධියට පත් මහනුවර, හන්තාන සඳගිරි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භ බුද්ධ මන්දිරය බිඳ, එහි තැන්පත් කර තිබූ රන්මාල සහ මැණික් ඇතුළු වටිනා පූජා භාණ්ඩ රැසක් කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි,

“උදේ චෛත්‍ය බලන්න ගිය අය දැනුවත් කළේ දොර කඩලා කියන එක අපිට ලොකු සැකයක් තිබුණේ දොර කැඩුවානම් අනිවාර්යයෙන්ම ඇතුළේ තියෙන ප්‍රධාන රන් කරඬුව, සහ මට ගොඩක්ම බය තිබුණේ සඳගිරි සෑයේ තැන්පත් කරලා තිබුණ සර්වඥ ධාතූන්වහන්සේ ගැන. ආරක්ෂක අංශයේ නිලධාරීන් එක්ක අපි ගිහින් බලනකොට ඇතුළ් වෙන ප්‍රධාන දොරටු තුනේ ලොක් තුනක් තියෙනවා ඒ ටික සම්පූර්ණයෙන් කඩලා ඇතුල් වෙලා තියෙන්නේ. ඒ අයට වටිනා කියන දේවල් මග හැරිලා තියෙනවා… ආපු පිරිස විසින් අරගෙන ගිහින් තියෙන්නේ ධාතු කරඬුව ඇතුළේ රට වටින් වන්දනා කරන්න පැමිණි සැදැහැවතුන් විටින් විට පූජා කරපු වටිනා ද්‍රව්‍ය තිබුණා. මැණික් ගල් කිහිපයක් තිබුණා ඒවා අරගෙන ගිහින් තිබුණා. ඒ වගේම ධාතු නිදානොත්සවයෙන් අනතුරුව සැදැහැවතුන් අරගෙන ආපු රන් මාල 10-12ක් ප්‍රමාණයක් පලන්ඳලා තිබුණා. ඒවා තමයි පැහැරගෙන ගිහින් තිබුණේ”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *