දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් මහතාගේ පුද්ගලික ලේකම්වරයෙකු අද (15) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රුපියල් මිලියන 16.5ක මුදලක් රජයට පාඩු කිරීම තුළින් දූෂණ වරද සිදු කිරීමේ චෝදනාව යටතේයි.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවත්වාගෙන යන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර ඇති දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම සහ දකුණු පළාතේ දිස්ත්‍රික් තුනෙහි පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනෙකු වෙත එම මිලදී ගන්නා ලද පුටු 16,361ක් නිවාස හෝ කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීම ඔහුට එල්ලවී ඇති චෝදනාව වනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි