වැරදි ආහාර පුරුදු හේතුවෙන් මෙරට පාසල් ළමුන්ගෙන් සියයට 12ක් අධි බරැති තත්ත්වයෙන් පසුවන බව සහ සියයට 3ක් ස්ථුලතාවයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය සදහන් කළේ මෙරට ජනගහන වර්ධනය ද අඩු වී ඇති පසුබිමක පාසල් ළමුන් රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය,
“2024 ගොලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණ සම්බන්ධයෙන් දත්ත රැස්කරාම අවුරුදු 13ත් 17ත් අතර දරුවන් තමයි මේ පරීක්ෂණයට භාජනය වුණේ. ඒ දරුවන්ගේ 12%ක් අධි බරින් සහ 3%ක් ස්ථූලතාවයෙන් පෙළෙන බව අනාවරණය වෙලා තියෙනවා.මේ දරුවන්ගේ කෑම රටාව පිළිබඳවත් මේ සමීක්ෂණයේදී අධ්‍යනය කෙරුණා. පාසල් දරුවන්ගෙන් 17.04%ක් දෛනිකව කාබනීකෘත පානවල් පානයට හුරු වෙලා තියෙනවා. 28.05%ක් අධික ලුණු සහිත කෑම ද ,29%ක් දරුවන් අධික තෙල් සහිත ආහාරද ,41ක් දරුවන් අධික සීනි සහිත ආහාරද දෛනිකව එක පාරක් හෝ ඊට වැඩි වාර ගණනක් භාවිතයට හුරු වෙලා තියෙනවා. දැන් තියෙන දත්ත අනුව අපේ ජනගහන වේගය ඉතා අඩු මට්ටමක දැන් තියෙන්නේ.1.9ක තිබ්බ ජනගහන වර්ධන වේගය 1.3 දක්වා පහල බැහැලා තියෙනවා”

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි