2016 වසරේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුලු සැකකරුවන් 06දෙනෙකුට එරෙහිව ගොනු ඇති නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙම නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී සැකාකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ විමල් වීරවංශ මහතා අසනීප තත්ත්වයකින් පසුවන වන බවත් ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් ය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුකරය සැප්තැම්බර් 21 වනදා විභාගය සඳහා කැඳවන ලෙස නියම කළේය.
2016 පෙබරවාරි 6වනදා එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණයක නිරත විම තුළින් මහජන පීඩාවක් සිදුකළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.
ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන සැකකරුවන්ට ද එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

සුඛෝපභෝගී මෝටර් රථයකින් ‘සීතල’ රැගෙන ගිය තරුණ යුවළක් අත්අඩංගුවට
මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු සිදුකෙරේ
දිට්වා තාවකාලික නිවාස කුලී දීමනාව තවදුරටත් දීර්ඝ කෙරේ
පස් පුද්ගල ඝාතන නඩුව: හිටපු මහඇමති ‘පිල්ලෙයාන්’ තවදුරටත් රිමාන්ඩ්
අයි.පී.එල් (IPL) ඉතිහාසයේ යුගයක් නිමවෙයි! ස්ටීවන් ෆ්ලෙමින් චෙන්නායි සුපර් කිංග්ස් පුහුණුකරු ධුරයෙන් ඉවත්වෙයි!
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ Baz-Ball යුගය නිම වෙයි
රංගන ශිල්පී සෑම් නීල් දිවිගමනට සමු දෙයි
ඩෙංගු නිසා පෙර පාසල් දරුවන්ගේ ඇඳුමත් වෙනස් වෙයි
මෙරට වයස්ගතම කාන්තාව වූ කලුමැණිකා මාතාව දිවි සැරිය නිමා කරයි
අද වැසි වැටෙන ප්‍රදේශ
හෝමූස් අර්බුදය උත්සන්න වෙයි! අමෙරිකාව සහ ඉරානය අතර ප්‍රහාර උග්‍ර අතට!
ජනපතිගෙන් නව ප්‍රතිපත්ති රැසක් සමගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව නිමාවෙයි! රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නව සැලසුම් රැසක්!