Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට අවසර

2 hours ago

දිවයින පුරා පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා සුපුරුදු නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි වෙනත් සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට සිසුන්ට අවසර දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පවතින සෞඛ්‍ය අවදානම හමුවේ සිසුන් අතර රෝගය පැතිරීම අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත්, ඒ පිළිබඳව සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව, රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් පරිශ්‍රයන් තුළ ක්‍රියාත්මක මදුරු මර්දන සහ විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට ගෙනයන ලෙස අමාත්‍යාංශය උපදෙස් දී ඇත. දෙමාපියන් සහ ආදි සිසුන්ගේ ද ක්‍රියාකාරී දායකත්වය ඇතිව පාසල් පරිශ්‍රයන්හි මදුරුවන් බෝවන ස්ථාන සහ මුලාශ්‍ර විනාශ කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව සංවිධානය කරන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.

මේ අතර, දිවයින පුරා හඳුනාගෙන ඇති ඩෙංගු අධි අවදානම් කලාප 60ක් ආවරණය කරමින් හෙට (13) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම අධි අවදානම් කලාප 60 අතරට බස්නාහිර පළාතේ පමණක් කලාප 23ක් ඇතුළත් වේ. ජනාධිපති කාර්යාලයේ ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් යුතුව, එම අවදානම් කලාප 23 කේන්ද්‍ර කරගනිමින් පසුගිය ඉරිදා සිටම සෝදිසි සහ මර්දන මෙහෙයුම් සක්‍රීයව ක්‍රියාත්මක කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *