සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි තරුණයෙකු සහ තරුණියක ග්‍රෑම් 78කට අධික මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ පොළොන්නරුව, 28 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොළොන්නරුව පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව ඇතැයි පොලිසිය පවසනවා.
ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් ඊයේ (12) සිදු කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා කොටුකරගෙන තිබුණා.
අත්අඩංගුවට පත්ව ඇත්තේ කටාන, හල්පේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 24ක තරුණයෙක් සහ කුලියාපිටිය, ඈඹව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක තරුණියක්.
පොලිසිය විසින් සිදු කරනු ලැබූ සෝදිසි කිරීමේදී සැකකාර තරුණයා සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 72,450ක් සහ තරුණිය සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,310ක් සොයාගෙන තිබුණා.
ඔවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිතා කළ කාර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොළොන්නරුව පොලිසියේ දූෂණ මර්දන ඒකකය විසින් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර, ඔවුන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූයේ කා වෙනුවෙන්ද යන්න සෙවීමට පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු සිදුකෙරේ
දිට්වා තාවකාලික නිවාස කුලී දීමනාව තවදුරටත් දීර්ඝ කෙරේ
පස් පුද්ගල ඝාතන නඩුව: හිටපු මහඇමති ‘පිල්ලෙයාන්’ තවදුරටත් රිමාන්ඩ්
අයි.පී.එල් (IPL) ඉතිහාසයේ යුගයක් නිමවෙයි! ස්ටීවන් ෆ්ලෙමින් චෙන්නායි සුපර් කිංග්ස් පුහුණුකරු ධුරයෙන් ඉවත්වෙයි!
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ Baz-Ball යුගය නිම වෙයි
රංගන ශිල්පී සෑම් නීල් දිවිගමනට සමු දෙයි
විමල් වීරවංශගේ නඩුවක් කල්යයි
ඩෙංගු නිසා පෙර පාසල් දරුවන්ගේ ඇඳුමත් වෙනස් වෙයි
මෙරට වයස්ගතම කාන්තාව වූ කලුමැණිකා මාතාව දිවි සැරිය නිමා කරයි
අද වැසි වැටෙන ප්‍රදේශ
හෝමූස් අර්බුදය උත්සන්න වෙයි! අමෙරිකාව සහ ඉරානය අතර ප්‍රහාර උග්‍ර අතට!
ජනපතිගෙන් නව ප්‍රතිපත්ති රැසක් සමගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව නිමාවෙයි! රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නව සැලසුම් රැසක්!