පිටකොටුවේ රෙදි පිළි ව්‍යාපාරිකයින් 6දෙනෙකු රවටා මුදල් වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු හොරණ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීනි රේනුකා දමයන්ති වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර කාන්තාව එම ව්‍යාපාරිකයින් රවටා ඔවුන්ට අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වංචා කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඇය කලක පටන් එම ව්‍යාපාරිකයින් මගහරිමින් සිට ඇති අතර ඊයේ (18) ඇය සිරිකොතට පැමිණ සිටින බවට ලද තොරතුරුක් මත එම ව්‍යාපාරිකයින් එහි ගොස් තිබේ.
එහිදී ව්‍යාපාරිකයින් හා කාන්තාව අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර මිරිහාන පොලිසිය මගින් ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
පසුව මිරිහාන පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී අදාළ ව්‍යාපාරිකයින් විසින් ඇයට එරෙහිව ඇති පැමිණිලි ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව සැකකාරිය මිරිහාන පොලිසිය විසින් වත්තල පොලිසිය වෙත ඇය භාර දීමට කටයුතු කර ඇත.
කෙසේවෙතත් අදාළ කාන්තාව අද (19) වත්තල වැඩබලන මහේස්ත්‍රාත් මෙරිල් බොතේජු මහතා හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඇයව ලබන 21වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්
ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ දී ගංජා සුරුට්ටු ඇද්ද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක්
අද කාලගුණය
මාතර ඩිෆෙන්ඩර් අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකුට බරපතළයි