Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාතර ඩිෆෙන්ඩර් අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකුට බරපතළයි

23 hours ago

තංගල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේදී ඊයේ (19) පස්වරුවේ සිදුවූ දරුණු මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ පස්වරු 3:50 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ මාතර දෙස සිට තංගල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ඩිෆෙන්ඩර් රථයක්, ප්‍රතිවිරුද්ධ දෙසින් (තංගල්ල දෙස සිට මාතර දෙසට) සිමෙන්ති පටවා ධාවනය වෙමින් තිබූ ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙනි. අනතුර සිදුවන අවස්ථාවේදී ඩිෆෙන්ඩර් රථය තුළ තරුණයින් පස්දෙනෙකු ගමන් කර ඇති අතර, ලොරි රථයේ රියදුරු සහ සහායකයා ගමන් කර ඇත.

අනතුරින් වාහන දෙකෙහි ගමන් ගත් පුද්ගලයින් 7 දෙනාම තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මෙලෙස මියගොස් ඇත්තේ ඩිෆෙන්ඩර් රථයේ සිටි 37 හැවිරිදි හා 36 හැවිරිදි වියේ පසු වූ තරුණයින් දෙදෙනෙකි. තුවාල ලැබූවන් අතුරින් තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ මට්ටමක පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුරට පත් ඩිෆෙන්ඩර් රථය මෙම තරුණයින් පිරිස විසින් එක් දිනක් සඳහා කුලී පදනම මත ලබාගෙන ධාවනය කරන ලද්දක් බවයි. අනතුරින් රථ දෙකටම දැඩි ලෙස හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *