හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් ගෞරවාචාර සහිතව එළඹෙන 20 වැනි සඳුදා බොරැල්ල කනත්තේදී සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරනවා.
ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වූ සී. ඩී. වික්‍රමරත්න, මාලඹේ තලාහේන පරාක්‍රම මාවතේ පිහිටි ඔහුගේ නිවසේ රැඳී සිටියදී ඉකුත් 17 වැනිදා වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වුණා.
හිටපු පොලිස්පතිවරයාගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් කණ්ඩායම් දෙකක් මඟින් පුළුල් විමර්ශන පවත්වන අතර, මරණයට හේතුව නිශ්චිතව තහවුරු කෙරෙන අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, වෙඩි තබා ගත් බවට සැකකෙරෙන පිස්තෝල වර්ගයේ ගිනි අවිය ලබන සඳුදා, අධිකරණය හරහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර ප්‍රකාශ කළා.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ බිරිඳගෙන් පොලිසිය මේවන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඇය පවසා තිබුණේ සිය පුත්‍රයා සම්බන්ධයෙන් වූ අධිකරණ කටයුත්තක් හේතුවෙන් ඔහු දැඩි කම්පනයෙන් සිටි බවටයි.
එමෙන්ම සී.ඩී. වික්‍රමරත්නගේ මරණය සිදු වීමට පෙර ඔහු හමු වීමට මාලඹේ තලාහේනේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන්ද මේවන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම අදාළ නිවසේ ඇති සී.සී.ටී.වී. දර්ශන ඔස්සේද ඉදිරි විමර්ශන සිදු කරන බව පොලිසිය පැවසුවා.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති