සුරතලයට ඇති කළ කුකුළා මස් කර ව්‍යාංජනයක් ලෙස සකස් කිරීම නිසා කෝපයට පත්ව තම පියාට පහර දී තුවාල සිදු කළැයි ලිදුල පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයෙක් ලබන අගෝස්තු 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස නියෝග කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ලිදුල, මවුස්සෑකැලේ වතුයායේ උඩ කොටසේ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙක්.
සැකකරු නිවෙසේ සුරතලයට ඇති කළ කුකුළා ඔහුගේ 65 හැවිරිදි පියා විසින් දිවා ආහාරය සඳහා මස් කර සකස් කර ඇති අතර, ඊට කෝප වූ සැකකාර පුතා පියාට පහර දී ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
තුවාල ලැබූ පියාගේ තත්ත්වය බරපතල බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් ලිදුල පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පියා ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි තොරතුරු හෙළි වුණා.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති