Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

1 day ago

මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී ගැනීම සම්බන්ධයෙන් වු නඩුවට දෙවෙනි වරටත් පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා පැනවූ වරෙන්තු අද (21) නැවතත් දීර්ඝ කර තිබේ.

තවද සැකකාර හිටපු අමාත්‍යවරයාගේ ඇපකරුවන් සිව්දෙනාට අවවාද කළ මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරවන ලෙසත් එසේ නොවන්නේ නම් ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන්නැයි ඇපකරුවන්ට මහෙස්ත්‍රාත්වරයා දැඩි ලෙස අවවාද කර ඇත.

මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ අද (21) මෙම නඩුව කැදවූ අවස්ථාවේ දී මෙම නියෝග ලබා දී තිබේ.

ඒ අනුව මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් සමග පැමිණිල්ල වෙනුවෙන් ඉදීරීපත් වු නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ ජනාධිපති නීතිඥ නාලක කොතලාවල මහතා මෙලෙස පවසා තිිබේ,

“ස්වාමිණී,මෙම නඩුවේ තුන්වන සැකකරු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිගින් දිගටම අධිකරණය මග හරිමින් සිටිනවා. දැන දැනම තමයි ඔහු මේ ආකාරයට අධිකරණය මග හරිමින් සිටින්නේ. එවැනි අයකුට වරෙන්තු දීර්ඝ කිරීමේ හැකියාවක් මෙම ගරු අධිකරණයට තිබෙනවා. අදත් වෛද්‍ය වාර්තා ඉදිරීපත් කරමින් මේ නඩුවට පෙනී සිටීම මග හරිනවා. ඒ නිසා ඔහුට දුන් වරෙන්තු දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටිනවා.”

මෙහිදී සැකකාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා තම සේවා දායකයා වෙනුවෙන් වෛද්‍ය වාර්තා ඉදිරීපත් කරමින් මෙසේ කීය,

“ස්වාමීනි මාගේ සේවාදායකයාට අධිකරණය මගහැර සිටීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් යහපත් නෑ. විදේශගතව ප්‍රතිකාර ලබන නිසා අද ගරු අධිකරණයට පැමිණීමට නොහැකියි. සෞඛ්‍ය තත්ත්වය යහපත් වු විගස ඔහු මෙම නඩුවට පෙනී සිටීමට කැමැත්තෙන් ඉන්නේ. ඒ නිසා මගේ සේවා දායකයාට නිකුත් කර ඇති වරෙන්තු ඉවත් කරන්නැයි මා ඉල්ලා සිටිනවා ස්වාමීනී.”  
 
එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පැවසුවේ, 
“තුන්වන විත්තිකරු මෙම අධිකරණයේ පෙනී නොසිට වරෙන්තු අවලංගු කරන්න මෙම ගරු අධිකරණයට බලයක් නෑ….” යනුවෙනි.

කෙසේ වෙතත් නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් එම කරුණු දැක්වීමට දැඩි විරෝධතාවක් එල්ල කරමින් කතා කර තිබේ.

ඒ අනුව දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට ගත් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා මෙම නඩුව ආරම්භ වී වසර 11 ක් ගත වී ඇති බවත් තෙවැනි සැකකරු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධීකරණයේ පෙනී නොසිටීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තුව දෙවන වරටත් අගෝස්තු මස 18 වනදා දක්වා දීර්ඝ කළේය.

ඊට අමතරව එදිනට ලිඛිත දේශන සදහා සැකකරුගේ වෛද්‍ය වාර්තා සියල්ලම ඉදිරිපත් කරන්නැයි විත්තියේ නීතිඥයින්ට නියෝග කළේය. 

සැකකාර බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දරන සමයේ මෙම ඉඩම් ගණුදෙනුව සිදුව තිබේ.

ඔහුගේ මස්සිනා වන පශූ වෛද්‍ය තිස්ස ගලප්පත්ති හා නෑනා වන අයෝමි පුණ්‍ය කාන්ති ගලප්පත්ති යන දෙදෙනාගේ නාරාහේන්පිට පෞද්ගලික බැංකුවක වු බද්ධ ගිණුමට සිංගප්පූරුවේ ඊගල් ගෲප් ඇසෝසියේටඩ් ආයතනයෙන් හා හොංකොං හී වර්ඩ් ඩයමන් ආයතනයෙන් ලැබී තිබු මුදල් වලින් ඔවුන් විසින් එම ඉඩම මිලට ගෙන ඇති බවය ඉකුත් නඩු වාරයේදී කියැවුණි.
 
ඒ ඉඩමේ හිමිකරු වු ජර්මන් ජාතික හර්බට් කෙලර් යන අයට මුදල් ගෙවීමට අයතා අනදමින් උපයා ගත් මුදල යොදවා ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ  පවත්වාගෙන යන “මාතර ම/උ බී.ආර් 2490/2025” යන නඩුකරයේදීය.

ඒ මෙම ප්‍රස්තෘත ඉඩමට වැය කළ මුදල් උපයා ගත් ආකාරය ප්‍රශ්න සහගත වීම නිසා මුදල් විශුද්ධීකරණ පනත යටතේ මෙම නඩුව පවරා තිබෙන පසුබිමකය.

බැසිල් රාජපක්ෂ මහතා තුන්වෙනි විත්තිකරු, ප්‍රධාන එක හා දෙක විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා ප්‍රධාන නීතිඥවරයා සහ තවත්  නවදෙනෙකු අදත් පෙනී සිට තිබේ.
   
පළවෙනි හා දෙවෙනි සැකකරුවන් අදත් අධිකරණයේ පෙනී සිට ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *