ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර සහ දුරගමන් සේවා සඳහා මීට පෙර මිලදී ගැනීමට සැලසුම් කර තිබූ Standard මාදිලියේ බස් රථ 600 වෙනුවට, වඩාත් සුවපහසු වායුසමනය කළ (Deluxe මාදිලියේ) නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
2026 වර්ෂයේ රජයේ ආයෝජන වැඩසටහන යටතේ ආසන 49-54කින් සමන්විත බස් රථ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 14,400ක අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබුණා.
කෙසේ වෙතත්, 2025-2026 මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා Deluxe මාදිලියේ වායුසමනය කළ බස් රථ යෙදවීම වඩාත් සුදුසු බවට හඳුනාගෙන ඇති අතර ඒ අනුව, එකී නව පිරිවිතරයන්ට අනුකූලව මෙම බස් රථ මිලදී ගැනීමේ ඉදිරි පියවර ගැනීම සඳහා වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති