නල්ලතන්නියේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී ඇල්ල අසලදී ප්‍රපාතයට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
ත්‍රිරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙකු ද බරපතළ ලෙස තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව නල්ලතන්නි පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.
අද (22) උදෑසන 8:15ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර, අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදි ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබද පරීක්ෂණ පවත්වන නල්ලතන්නිය පොලීසියේ නිලධාරියෙකු කියා සිටියේය.
අනතුරින් මිය ගොස් ඇත්තේ, ත්‍රීරෝද රථයේ රියදුරා සහ ත්‍රීරෝද රථයේ ගමන් ගත් වැඩිහිටියෙකු බවත්, ත්‍රීරෝද රථය අනතුරට පත්වන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ පස් දෙනෙකු ගමන් කර ඇති බවත් පොලීසිය පැවසීය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට