Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශාන්ත බණ්ඩාර පුත් අනුද ඇතුළු සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය

6 hours ago

කොල්ලුපිටිය ප්‍රදේශයේදී චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක (මිලියන 20ක) මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන 21 හැවිරිදි අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (23) නියෝග කළේය.

පසුගිය ජූලි 13 වනදා අදාළ චීන ජාතිකයා රථයකින් මුදල් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම කොල්ලකෑම සිදුකර තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය මඟින් ඉකුත් 21 වනදා අනුද ජනාදිත් බණ්ඩාර අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් අනතුරුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මඟින් සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය, සැකකරුගෙන් පැය 24ක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබුණි. එම රැඳවුම් කාලය අවසන් වීමෙන් පසු අද (23) සැකකරුවන් නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *