රාජ්‍ය නිලධාරීන් ලබන වැටුප යනු මහජනතාව විසින් ලබා දෙන දෙයක් නොව, ඔවුන් උදේ සිට රෑ වන තෙක් වගවන ශ්‍රමයට සහ මහන්සියට ලැබෙන සාධාරණ ගෙවීමක් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
රාජ්‍ය සේවකයින් දැනට ලබන වැටුප ඔවුන්ගේ ශ්‍රමයට තවමත් ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරි අයවැයේදී නැවතත් වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
එමෙන්ම, රාජ්‍ය සේවය කෙරෙහි සමාජය තුළ පවතින අනවශ්‍ය විවේචනාත්මක තත්ත්වය අවසන් කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,
“පඩි ඉල්ලන්නෙත් නැතුව අපි පළවෙනි අයවැයෙන්ම පඩි වැඩි කළා. ඉදිරි අයවැයෙනුත් වැඩි වෙනවා. තව අපිට රාජ්‍ය සේවයට තියෙන විවේචනය අපි ඉවර කරන්න ඕන. කෙනෙක් කියනවා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් වෙන්න ඔයාට වැටුප් දෙන්නේ මහජනතාව. ඒ කියන්නේ දැන් අපි දැන් හිතමු පාරේ ඉන්න පොලිසියේ මහත්තයාට පඩි ගෙවන්නේ මහජනතාව. මෙතන ඉන්න ගුරුවරුන්ට පඩි ගෙවන්නේ මහජනතාව. ඒ අදහහසේ තේරුම ඒකනේ.ඔයාලට පඩි ගෙවන්නේ මහජනතාව කියලා.ඇත්තද? බොරු. ඒක බොරු. ඔයගොල්ලෝ පඩි ගන්නේ ඕගොල්ලෝ වැඩ කරලා ඒ ශ්‍රමයට, මහන්සියට.තමුන් මහන්සින් වෙලා, නිෂ්පාදනයට දායක වෙලා. මැදිහත්වෙලා තමයි ඔයාලා පඩිය ගන්නේ. ඒක කවුරුත් දෙන බම්බුවක් නෙවෙයි. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් ගන්නේ වැටුපක් විදිහට තමන් ලබන්නේ තමන් උදේ ඉදන් රෑ වෙනකම් වහන්සි වෙලා ඒකට තමයි ලබන්නේ. වෙලා තියෙන්නේ ඒකටත් ගෙවන ගාන තාම මදි. ඒකනේ ඊළඟ අයවැයෙන් වැඩි කරන්නේ…”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා
එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ආරංචියක්
Google වෙතින් විප්ලවීය වෙනසක්! Passwords අමතක වුණත් භය වෙන්න ඕන නෑ!
ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි