මත්ද්‍රව්‍ය වැරදිවලට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාව නැවත ඇති කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, බන්ධනාගාර කිහිපයක ඇතිවු සිද්ධින් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ප්‍රමාණය ග්‍රෑම් දහයකට වැඩිවීම හේතුවෙන් අභියාචනාධිකරණය හරහා ඇප ලබා ගැනීමේ ප්‍රමාදයන් ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
“බන්ධනාගාරවල සිටින රැඳවියන්ගේ ඥාතීන්ට ආදරණීයන්ට සහ මිත්‍රයන්ට යම් පණිවිඩයක් ලබාදීමේ අවශ්‍යතාවය තිබෙනවා. මුලිකවම දැනට වසරක් තිස්සේ බන්ධනාගාරවල තිබෙන තත්වයන් නිරීක්ෂණය කිරීමේදී රැඳවියන්ගේ මුලික චෝදනාවක් වුයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම නිසා ඇප ලබා ගැනීමට නොහැකිව ඇති බවයි. මෙම තත්වය අපි පසුගිය වසරේ හඳුනා ගෙන අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ පුරප්පාඩු 118 ක් තිබුණා. ඒ නිසා කාර්යක්ෂම ලෙස රස පරීක්ෂක වාර්තා පැමිණියේ නැහැ. රස පරීක්ෂක වාර්තා පැමිණෙන තෙක් වසරක් පමණ රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කරන්න සිදු වුණා. මේ වන විට රස පරීක්ෂක වාර්තා ලබාදීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය හැතතෑවක් පමණ බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා. මේ මාසය වන විට නව යන්ත්‍ර ගෙන එනවා. ඒ නිසා රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මසකට වාර්තා හත් දහස් පන්සීයත් නවදහසක් අතර ප්‍රමාණයක් නිකුත් කරන්න ඉදිරියේදී පියවර ගන්නවා. මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ප්‍රමාණය ග්‍රෑම් දහයකට වැඩි නිසා අභියාචනාධිකරණයට ඇප ලබා ගැනීමට යොමුවීමෙන් ඇප ලබා ගැනීමට ප්‍රමාද වන බව රැඳවියන්ගේ ඥාතීන් සඳහන් කළා. මේ නීතිය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ අනුව යම් මත්ද්‍රව්‍ය වැරදිවලට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාව නැවත ඇති කරනවා.
මේ මොහොත වන විට යම් කූඨ අරමුණු ඇති පුද්ගලයින් බන්ධනාගාරවල සිටින අය මෙහෙයවලා කලබල ඇතිකිරීම් තත්වයන් ඇති කරනවා. ඔබගේ ගැටළු විසඳනවා. ඉවසීමෙන් කටයුතු කරන්න. පහසුකම් ප්‍රමාණවත් නොමැති නිසා බන්ධනාගාරවල අධික තදබදයක් තිබෙනවා. අපි ඒ පහසුකම් ලබාදීමට මෙන්ම බන්ධනාගාර තදබදය අඩු කරන්න අවශ්‍ය පියවර ගන්නවා. කිහිප දෙනෙකුගේ කූඨ අරමුණු අනුව අපි සම්පත් ලබා දුන්නත් ඒවා ගිනි තියනවා නම් බාධා එන්නේ බන්ධනාගාරගතව සිටින රැඳවියන් වන ඔබටයි. රජය විසින් දැන් රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමටත් පහසුකම් වැඩි කිරීමටත් පියවර ගෙන ඇති බැවින් රජයට සහාය වෙන්න . බන්ධනාගාර තුළ කළහකාරී ලෙසින් හැසිරි තමන්ගේ සම්පත් විනාශ කර ගන්න එපා. සුළු දෙනෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔබව මෙහෙයවන එක නවත්වන්න. ඉතා ඉක්මනින් රස පරීක්ෂක වාර්තා ලබාදී නීති සංශෝධනය කරදී ඇප ලබා ගැනීමේ හැකියාව ලබා දෙනවා.”

ඉන්දු – ලංකා ටෙස්ට් තරග නොමිලේ නැරඹීමට අවස්ථාවක්
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර සන්සුන් වෙයි
ලක්ෂ්මන් යාපාට ඇප
එක්සත් ජාතික පක්ෂයෙන් විපක්ෂ නායක සජිත්ට ප්‍රශංසා
තුවාල ලැබූ පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් 28ක් වැලිකඩ රෝහලට
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
රුපියල යළි සෙලවෙයි
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට
පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්
මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලැබූ රැඳවියෙකු මරුට