කොළඹ 07, කුරුඳුවත්ත විජේරාම මාවතේ පිහිටි පොලිස්පතිවරයාගේ සහ අගවිනිසුරුවරයාගේ නිල නිවාස අවට මාර්ග සූක්ෂ්ම ලෙස ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලීසිය පවසයි.
සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි මෙම පුද්ගලයා රථය නවතා වීඩියෝ කිරීම, පොලිස්පති නිල නිවසේ ප්‍රධාන දොරටුවේ රාජකාරියේ යෙදී සිටි විශේෂ කාර්ය බලකා (STF) නිලධාරියෙකුගේ නිරීක්ෂණයට ලක්ව ඇත. පසුව රථවාහන පොලිස් කොස්තාපල්වරයෙකු සහ කොළඹ හදිසි ඇමතුම් අංශය හරහා කුරුඳුවත්ත පොලිසියේ රාත්‍රී ජංගම සංචාරක කණ්ඩායම දැනුවත් කර අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී පොලිස්පතිවරයාගේ සහ අගවිනිසුරුවරයාගේ නිල නිවාස සහ ඒ අවට මාර්ග ඇතුළත් දර්ශන පටිගත කර තිබූ බව හෙළිවී ඇත.
විනෝදාංශයක් ලෙස මෙය සිදුකළ බව සැකකරු පැවසුවද, පදිංචි ස්ථානය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඔහු පරස්පර ප්‍රකාශ සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවෙක්දැයි තහවුරු කරගැනීමට වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත අතර කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
පල්ලන්සේන බන්ධනාගාරයේ තත්ත්වය පාලනයට කඳුළු ගෑස් ප්‍රහාරයක්! රැඳවියන්ගෙන් ගල් මුල් ප්‍රහාර!
රුපියල යළි සෙලවෙයි
පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්
මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලැබූ රැඳවියෙකු මරුට
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර දෙදෙනෙකු මරුට
අද අව් – වැසි තත්ත්වය
ප්‍රසිද්ධ රංගන ශිල්පිනී රිතූ ආකාර්ෂාගෙන් ලේක්හවුස් එකට මිලියන 100ක වන්දි ඉල්ලා එන්තරවාසියක්
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්