අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට අධිචෝදනා භාරදීමෙන් පසුව ඔහු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද(07) නියෝග කර තිබෙනවා.
ඒ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.
එහිදී අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍ර විත්තිකරුට භාරදීම සිදු වූ අතර අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා එක් ඇපකරුවකු ළඟම ඥාතියකු විය යුතු බවට ද නියෝග කර ඇති බව සඳහන්.
පසුව මෙම නඩුව අගෝස්තු මස 28 වනදා කැදවන ලෙස නියෝග කළා.
2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටයුත්තක් ඉටු කර දීම සඳහා ව්‍යයාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දහයක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුවෙන් චෝදනා එල්ල එල්ල වී තිබෙනවා.

ඉන්දු – ලංකා ටෙස්ට් තරග නොමිලේ නැරඹීමට අවස්ථාවක්
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර සන්සුන් වෙයි
එක්සත් ජාතික පක්ෂයෙන් විපක්ෂ නායක සජිත්ට ප්‍රශංසා
තුවාල ලැබූ පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් 28ක් වැලිකඩ රෝහලට
බන්ධනාගාරවල ඇතිවු සිද්ධීන් ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
රුපියල යළි සෙලවෙයි
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට
පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්
මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලැබූ රැඳවියෙකු මරුට