Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සැබෑ පාඩුව හෙළිවෙයි

1 day ago

දේශපාලන අවශ්‍යතා සහ පෞද්ගලික හිතුවක්කාරකම් මත ආරම්භ කළ විවිධ ව්‍යාපෘති හේතුවෙන් රටට විශාල ආර්ථික හානියක් සිදුව ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (07) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරයි.

නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ආරම්භ කළ මෙවැනි ව්‍යාපෘති වර්තමානය වන විට රටට මහත් බරක් වූ “සුදු අලි” බවට පත්ව තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නා.

විශේෂයෙන්ම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් සහ නඩත්තු පාඩුව වෙනුවෙන් පමණක් වසරකට රුපියල් බිලියන 2 ත් 4 ත් අතර අධික මුදලක් දැරීමට සිදුව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළා.

අතීතයේ බලයට පත්වූ රාජ්‍ය නායකයන් ජාතික අවශ්‍යතාවලට වඩා තමන්ගේ ප්‍රදේශ මුල්කරගනිමින් මෙලෙස අත්තනෝමතික ලෙස ව්‍යාපෘති ආරම්භ කිරීමේ අයහපත් සංස්කෘතියක් පවත්වාගෙන ගිය බවද ඔහු සඳහන් කළා.

මෙලෙස පාඩු ලබන ව්‍යාපෘති, රටට සහ රජයට ආදායම් උපයන තත්ත්වයට පරිවර්තනය කිරීම වර්තමාන රජයේ ප්‍රධාන අභියෝගය බවත්, ඒ සඳහා විධිමත් යෝජනා ඔස්සේ ආයෝජකයන් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසුවා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල පිහිටි විශාල ප්‍රචාරක පුවරු ඉතා අඩු මුදලට සහ අක්‍රමවත් ලෙස ලබාදීමේ සිද්ධියකට අදාළව රජයට හිතකර අධිකරණ තීන්දුවක් ලැබී ඇති අතර, එම අක්‍රමවත් ප්‍රචාරක පුවරු ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *