දේශපාලන අවශ්‍යතා සහ පෞද්ගලික හිතුවක්කාරකම් මත ආරම්භ කළ විවිධ ව්‍යාපෘති හේතුවෙන් රටට විශාල ආර්ථික හානියක් සිදුව ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (07) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරයි.
නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ආරම්භ කළ මෙවැනි ව්‍යාපෘති වර්තමානය වන විට රටට මහත් බරක් වූ “සුදු අලි” බවට පත්ව තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නා.
විශේෂයෙන්ම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් සහ නඩත්තු පාඩුව වෙනුවෙන් පමණක් වසරකට රුපියල් බිලියන 2 ත් 4 ත් අතර අධික මුදලක් දැරීමට සිදුව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළා.
අතීතයේ බලයට පත්වූ රාජ්‍ය නායකයන් ජාතික අවශ්‍යතාවලට වඩා තමන්ගේ ප්‍රදේශ මුල්කරගනිමින් මෙලෙස අත්තනෝමතික ලෙස ව්‍යාපෘති ආරම්භ කිරීමේ අයහපත් සංස්කෘතියක් පවත්වාගෙන ගිය බවද ඔහු සඳහන් කළා.
මෙලෙස පාඩු ලබන ව්‍යාපෘති, රටට සහ රජයට ආදායම් උපයන තත්ත්වයට පරිවර්තනය කිරීම වර්තමාන රජයේ ප්‍රධාන අභියෝගය බවත්, ඒ සඳහා විධිමත් යෝජනා ඔස්සේ ආයෝජකයන් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසුවා.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල පිහිටි විශාල ප්‍රචාරක පුවරු ඉතා අඩු මුදලට සහ අක්‍රමවත් ලෙස ලබාදීමේ සිද්ධියකට අදාළව රජයට හිතකර අධිකරණ තීන්දුවක් ලැබී ඇති අතර, එම අක්‍රමවත් ප්‍රචාරක පුවරු ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්