බුත්තල – මොනරාගල ප්‍රධාන මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේ දී මොනරාගල සිට තණමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබේ.
අද (11) උදෑසන සිදුවූ අනතුරින් බස් රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර අන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව සඳහන් වෙයි.
අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර සහිතව පුද්ගලයින් දස දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇත.
බස් රථයේ සිදුවූ කාර්මික දෝෂයක් නිසා අනතුර සිදුවන්නට ඇති බවට සැකපල කරයි.
අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

“එල්නිනෝ බලපෑම 2027 අප්‍රේල් දක්වා” – අලුත් වූ නවතම අනාවැකිය
යොවුන් වියේ තරුණ තරුණියන් බරපතල අවදානමක! වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්!
අවදානම හමුවේ තනතුර අහිමි වෙනවා නම් මං යන්න ලෑස්තියි – ජනපති නීතිඥ සංගම් හමුවේදී පවසයි
චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට
බදු ගෙවන පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
අද කාලගුණය
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට ලිපියක්! රජයේ නව තීරණයට කනස්සල්ල පළ කරයි!
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක්
භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට
වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට