Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

“එල්නිනෝ බලපෑම 2027 අප්‍රේල් දක්වා” – අලුත් වූ නවතම අනාවැකිය

2 minutes ago

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමකට ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙන්නේ, දැනට පවතින මෙම වියළි කාලගුණික තත්ත්වය නිමා වී ප්‍රමාණවත් වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැක්කේ එළඹෙන ඔක්තෝබර් මාසයේදී පමණ බවය.

විශේෂයෙන්ම නැගෙනහිර පළාතේත්, මොනරාගල සහ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවට පහත උපදෙස් පිළිපදින ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එළිමහනේ ගැවසෙන්නේ නම් සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම.

විටින් විට විවේක ගැනීම සහ හැකිතාක් ජලය පානය කිරීම.

රෝගී පුද්ගලයින් සහ වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම.

දිවයින හරහා මේ වන විට නිරිතදිග මෝසම ක්‍රියාත්මක වෙමින් පවතී. 

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද (13) දිනයේ වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ. 

ඊට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයකත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. 

කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය තුළ සමස්තයක් ලෙස වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

සුළඟේ තත්ත්වය සැලකූ විට, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 30-40 පමණ තරමක තද සුළං තත්ත්වයක් ද ඇති විය හැක.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සැප්තැම්බර් මාසය දක්වා තවදුරටත් වියළි කාලගුණයක් අපේක්ෂා කෙරේ.

මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසම් කාලය තුළ මෙම ප්‍රදේශවලට වර්ෂාව අඩුවීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, ‘එල්නිනෝ’ තත්ත්වය හේතුවෙන් එය තවදුරටත් තීව්‍ර විය හැක.

එල්නිනෝ තත්ත්වයේ බලපෑම පිළිබඳව පැහැදිලි කරමින් මෙරිල් මෙන්ඩිස් මහතා මෙසේ අදහස් දැක්වීය,

“මේ වසරේ අපට තවම එල්නිනෝ තත්ත්වයේ උපරිම බලපෑමක් දැකගන්නට නැහැ. අගෝස්තු මාසයත් සමඟ එහි වර්ධනය අපට නිරීක්ෂණය කළ හැකියි. කෙසේ වෙතත්, නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාස වන විට මෙම එල්නිනෝ තත්ත්වය ප්‍රබල මට්ටමකට වර්ධනය වීමට 80%කට වඩා වැඩි සම්භාවිතාවක් තිබෙනවා. එහි බලපෑම ලබන වසරේ අප්‍රේල් මාසය දක්වාම පවතිනු ඇති.”

එසේම, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී දිවයින පුරා වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි වුවද, එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ලබන වසරේ පළමු කාර්තුව තුළ යළිත් වර්ෂාපතනය අඩුවීමේ සම්භාවිතාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *