2026 වසරේ ජූලි මාසය සඳහා වන එකතු කළ අගය මත බද්ද (VAT) අගෝස්තු 20 වන දිනට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
බදු නොගෙවීම හෝ ප්‍රමාද වී ගෙවීම සඳහා දඩ නියම කරන බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.
චෙක්පතකින් හෝ බැංකු අණකරයකින් හෝ ගෙවීම් ඇණවුමකින් සිදු කරන ලබන ගෙවීමක් නියමිත දිනය පසුවී ලැබීම ද ප්‍රමාද ගෙවීමක් ලෙස සලකනු ලැබේ.
එමෙන්ම ජූලි මාසය සඳහා වන වැට් වාර්තා භාරදීම අගෝස්තු මස 31 වන දින හෝ එදිනට පෙර සිදු කළ යුතුය.
එම වාර්තා මාර්ගගත ක්‍රමය මගින් භාරදිය යුතු බව සඳහන්ය.
මේ අතර රඳවාගත් බදු අගෝස්තු මස 15 වෙනිදාට හෝ ඊට පෙර ගෙවීමට කටයුතු කරන ලෙසට දේශීය ආදයම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම ජූලි මාසයට අදාළ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අගෝස්තු 20 වෙනිදාට හෝ ඊට පෙර ගෙවිය යුතු බවට එම දෙපාර්තමේන්තුව සිහිපත් කරයි.

හිටපු අගමැතිවරයෙකු මන්ත්‍රීවරයෙකු ජනපති අරමුදලේ කෝටි දෙක හමාරකට පොලු තියලා
වීරකැටියේ වෙඩි තැබීමක්! තරුණයෙකුට තුවාල!
බෙන්තොට මුහුදේදී අතුරුදහන් වූ ඉන්දියානු තරුණයා
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි
22, ලබන18 වැනිදා පාර්ලිමේන්තුවට
විදුලි කප්පාදුවක් සිදුවන බවට පැතිර යන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු
අද දිස්ත්‍රික්ක කිහිපයකට ඉහළ උණුසුමක්
බැකෝ සමන්ගේ මවගේ ඝාතනය කරන්දෙණියෙ සුද්දාගේ වැඩක්ද?
ශබ්දය වෙනස් කර ඇති යතුරුපැදිවලට නීති තද වෙයි
උසස් පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවෙලාද? විභාග කොමසාරිස්වරියගෙන් විශේෂ ප්‍රකාශයක්
හෙටට අදාළ A/L ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් අද අම්බලන්තොටින් හමුවෙයි
රියදුරන්ට දැනුම්දීමක්