ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ඇගයීම් ක්‍රමවේදය විභාග කේන්ද්‍ර කරගත් ක්‍රමවේදයෙන් ඔබ්බට යා යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
ඇය මෙම අදහස් කලේ ඊයේ(12) කොළඹදී පැවති ඇමරිකා එක්සත් ජනපද – ශ්‍රී ලංකා ෆුල්බ් රයිට් කොමිසම විසින් “250 වසරක අධ්‍යාපන විශිෂ්ටත්වය, ශ්‍රී ලාංකික ඇමරිකානුවෙකුගෙන් උගත හැකි පාඩම්” මැයෙන් සංවිධානය කර තිබූ මහජන දේශනය අමතමින්.
සිසුන්ගේ කුසළතා, නිර්මාණශීලීත්වය, අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම් ක්‍රියාවලියක් සහ පරිපූර්ණ සංවර්ධන ක්‍රියාවලියක් ලෙස අධ්‍යාපන හා ඇගයීම් ක්‍රමවේදය නවීකරණය වියයුතු බවද එහිදී ඇය ප්‍රකාශ කළා.
සියලු දෙනා ඇතුළත්, නවීන සහ අනාගතයට සූදානම් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට