Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධ්‍යාපන ක්‍රමයේ වෙනසකට සැරසෙන අගමැතිනිය

23 minutes ago

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ඇගයීම් ක්‍රමවේදය විභාග කේන්ද්‍ර කරගත් ක්‍රමවේදයෙන් ඔබ්බට යා යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

ඇය මෙම අදහස් කලේ ඊයේ(12) කොළඹදී පැවති ඇමරිකා එක්සත් ජනපද – ශ්‍රී ලංකා ෆුල්බ් රයිට් කොමිසම විසින් “250 වසරක අධ්‍යාපන විශිෂ්ටත්වය, ශ්‍රී ලාංකික ඇමරිකානුවෙකුගෙන් උගත හැකි පාඩම්” මැයෙන් සංවිධානය කර තිබූ මහජන දේශනය අමතමින්.

සිසුන්ගේ කුසළතා, නිර්මාණශීලීත්වය, අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම් ක්‍රියාවලියක් සහ පරිපූර්ණ සංවර්ධන ක්‍රියාවලියක් ලෙස අධ්‍යාපන හා ඇගයීම් ක්‍රමවේදය නවීකරණය වියයුතු බවද එහිදී ඇය ප්‍රකාශ කළා.

සියලු දෙනා ඇතුළත්, නවීන සහ අනාගතයට සූදානම් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *