Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා

1 hour ago

ගතවූ 2019 වසරේ සිට 2025 වසර දක්වා වසර 6ක කාලය තුළ මෙරට බන්ධනාගාරවලින් රැඳවියන් 1,178 දෙනෙකු පලා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ සංඛ්‍යා ලේඛන වාර්තාවක දැක්වෙනවා.

ඒ අනුව 2019 වර්ෂයේ දී රැඳවියන් 153ක්, 2020 වර්ෂයේ දී රැඳවියන් 110ක් සහ 2021 වර්ෂයේ දී රැඳවියන් 103ක් වශයෙන් පලාගොස් ඇතැයි සඳහන්.

එමෙන්ම 2022 වර්ෂයේදී රැඳවියන් 231ක්, 2023 වර්ෂයේ දී රැඳවියන් 207ක්, 2024 වර්ෂයේදී රැඳවියන් 188ක් හා 2025 වර්ෂයේදී රැඳවියන් 186ක් ලෙස බන්ධනාගාරවලින් පලා ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

එලෙස පැනගිය රැඳවියන්ගෙන්, 474 දෙනෙකු නැවත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර තවත් රැඳවියන් 704 දෙනෙකු නැවත අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැති බවද එම වාර්තාවේ දැක්වෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *