සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09ක අතිවිශිෂ්ට ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද (16) සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල පළමු ඉනිමට ලකුණු 198ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම සාර්ථක පළමු ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 426ක් ලබාගත්තේය. අනතුරුව ලකුණු 228ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 284කට සීමා වූ අතර, ජයග්‍රහණය සඳහා හිමිවූ ලකුණු 57ක පහසු ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යාමට බංග්ලාදේශය සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ ඔස්ට්‍රේලියානු පස්ගොඩැල්ලේදී ටෙස්ට් තරගයක් ජයගත් තෙවන ආසියානු රට ලෙස බංග්ලාදේශය ඉතිහාසගත වේ. එමෙන්ම පසුගිය වසර 30ක කාලය තුළ ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක් ජයගත් දෙවන ආසියානු රට ද වන්නේ බංග්ලාදේශයයි. මෙලෙස මීට පෙර පාකිස්තානය 1995 වසරේදී ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයක් වාර්තා කර තිබුණි.
තමන් ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කළ තෙවන ටෙස්ට් තරගයේදීම මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කිරීමට බංග්ලාදේශයට හැකිවීම සුවිශේෂී කරුණකි. මෙම වාර්තාව සංසන්දනය කිරීමේදී, පාකිස්තානය ඔස්ට්‍රේලියාවේදී සිය ප්‍රථම ටෙස්ට් ජය ලබාගත්තේ එරටදී ක්‍රීඩා කළ 7 වැනි තරගයේදී වන අතර ඉන්දියාව එම ජයග්‍රහණය වාර්තා කරනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කළ 12 වැනි ටෙස්ට් තරගයේදීය.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්