නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුවී ඇති මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇත.
ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විගණන කමිටුවක් පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්‍ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සඳහන් කරයි.
පසුගිය 2023 වසරේ සිට 2026 වසර දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ක මෙම විගණනය සිදු කිරීමට නියමිතය.
නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වී ඇති අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇත.
දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ආපදා මුදල් ලබාදීම, කොරෝනා ව්‍යසන සමයේ අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධිය හරහා ලබාදුන් රුපියල් 5,000ක දීමනාව සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඇත.
තවද සමෘද්ධිලාභීන්ට රජය මගින් ලබාදෙන සහනාධාර සහ වැඩිහිටිදීමනා නිසි ලෙස ප්‍රතිලාභීන්ට ගෙවීම සම්බන්ධයෙන් විගණනය සිදු කිරීමට නියමිතය.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්