එල්නිනෝ තත්ත්වය සහ මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ඉදිරියේදී ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල 20% ත් 25% ත් අතර අගයකින් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ගනේෂ් විනායගම්සුන්දරම් ප්‍රකාශ කර ඇත. පසුගිය දින කිහිපයේදී ආනයනික සීනි කිලෝවක මිල රුපියල් 40කින් පමණ ඉහළ ගොස් තිබේ.
පවතින වියළි කාලගුණය නිසා අම්පාර, මඩකලපුව, මොණරාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක පවුල් 23,377ක පුද්ගලයින් 73,214 දෙනෙකු පානීය ජල හිඟයෙන් පීඩාවට පත්ව ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් ඉන් පවුල් 22,987ක පුද්ගලයින් 71,893 දෙනෙකුට ජලය බෙදා හැරීමේ කටයුතු සිදු කරමින් පවතී.
නැගෙනහිර පළාත, යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, පොළොන්නරුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය 39°C ත් 45°C ත් අතර ඉහළ අගයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අනුරාධපුර හුරුළුවැව සහ පලුගස්වැව තෙල් හවඩියාව වැව සිඳී යාමෙන් ගොවීන් පීඩාවට පත්ව සිටින අතර, තිරප්පනේ පණ්ඩිත රඹෑව ගම්මානයේ පාරම්පරික කුඹල් කර්මාන්තකරුවන්ට ද දැඩි අසීරුතාවන්ට මුහුණ දීමට සිදුව ඇත.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්! මංගල ගමන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගේ දෑතින්!
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයාට අධිකරණයෙන් දුන් නියෝගය
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ කාලසටහන එළිදක්වයි
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුගේ ප්‍රකාශ ඇතුළත් CD තැටි අධිකරණයට
රුමේෂ් තරංගට පළමු තැන අහිමි වෙයි! ජූලියන් වීබර් අංක එකට!
උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වාසය කළ ජිරාෆ් මිය යයි
බන්ධනාගාර ප්‍රශ්න විසඳන්න ගත්ත අලුත්ම තීන්දුව
සැප්තැම්බර් සිට රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල් ක්‍රමයට පමණයි
අපවත්වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ දේහය වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරයට
ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්