පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධ නඩුව අද(19) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවා තිබෙනවා.
එහිදී නඩුවට අදාළව අධිකරණයට අපහාස කළ බව කියන ප්‍රකාශ ඇතුළත් සී.ඩී. තැටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට භාරදී ඇති බව සඳහන් .
හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර,ගෝඨාභය රාජපක්ෂගේ හිටපු ලේකම් සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන පුද්ගලයින් හයදෙනා සිදුකළ බව කියන ප්‍රකාශවලට අදාළ සී.ඩී. තැටි මෙලෙස භාරදී තිබෙනවා.
මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා ලබන සැප්තැම්බර් 02 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය නියෝග කර තිබෙන බව සඳහන්.
පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සඳහා වවුනතිව් කඳවුරේ ශ්‍රී ලංකා සන්නද්ධ බලකායේ බුද්ධි තොරතුරු ඇතුළත් සටහන් පොතක් සිය භාරයට ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙන අතර එම සටහන් පොත භාරව සිටි ලුතිනන් කර්නල්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්! මංගල ගමන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගේ දෑතින්!
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයාට අධිකරණයෙන් දුන් නියෝගය
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ කාලසටහන එළිදක්වයි
රුමේෂ් තරංගට පළමු තැන අහිමි වෙයි! ජූලියන් වීබර් අංක එකට!
උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වාසය කළ ජිරාෆ් මිය යයි
බන්ධනාගාර ප්‍රශ්න විසඳන්න ගත්ත අලුත්ම තීන්දුව
සැප්තැම්බර් සිට රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල් ක්‍රමයට පමණයි
අපවත්වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ දේහය වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරයට
අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්
ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්