Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආචාර්ය නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

19 minutes ago

අග්‍රගන්‍ය සංගීතවේදී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද (22) සිදුකිරීමට නියමිතය.

එතුමියගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට නාවල විජයබාහු මාවතේ පිහිටි නාන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබේ.

අවමංගල්‍ය කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා,

“උදේ 10ට පාංශුකූල කටයුතු සිදුකෙරෙනවා. ඒ වෙලාවේ පැයක විතර කාලයක් මහජන ගෞරවය සඳහා පිරිසට සහභාගී වෙන්න අවස්ථාවක් නැති වෙයි. පසුව නැවත සවස 3:30 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව ලැබෙනවා. සවස 3:30ට දේහය රැගත් රිය පෙරහැර රාජගිරියේ පාර්ලිමේන්තු පාර ඔස්සේ බොරැල්ල පොදු සුසාන භූමිය දක්වා ගමන් කරනවා. එහිදී පස්වරු 5ට ආදාහන කටයුතු කෙරෙනවා. එතනදී උත්සව සභාවක් සිදුවෙන්නේ නැහැ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *