Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට

1 hour ago

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා එළඹෙන 09 සහ 10 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර සිටියි.

මෙම සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ වත්මන් ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී විශේෂ සමාලෝචනයක් සිදු කිරීමට අපේක්ෂිත බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *