ඉදිරියේදී ඇතිවිය හැකි එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ විදුලි ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි අතර, ජල මූලාශ්‍ර සිඳී යාම නිසා ජලවිදුලි උත්පාදනය පහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පදනම් කරගත් විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ නව ගාස්තු ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති K. P. L. චන්ද්‍රලාල් මහතා මේ බව සඳහන් කළේය.
වියළි කාලගුණික තත්ත්වය හමුවේ අධික රශ්මිය නිසා විදුලි පාරිභෝජනය ඉහළ යන අතරම, ජලාශවල ජල මට්ටම පහත බැසීම හේතුවෙන් පද්ධතිය තුළ යම් විදුලි හිඟයක් මතු වීමේ හැකියාවක් පවතින බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වයට මුහුණ දීම සහ පද්ධතියට වැඩි විදුලි බලයක් එක්කර ගැනීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයන්ගෙන් විදුලිය මිලදී ගන්නා ගාස්තු ස සංශෝධනය කර ප්‍රකාශයට පත් කිරීමට කොමිසම පියවර ගෙන ඇත.

පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
ලබන වසරේ සිට මෙරට ජනතාවට විදුලි දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව
බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්