පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට අන්තර්ජාලය (online) හරහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන බව ප්‍රවාහන, මහජන ආරක්ෂක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට අන්තර්ජාලය (online) හරහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන බව ප්‍රවාහන, මහජන ආරක්ෂක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
දශක ගණනාවක් පුරා වෙනස් නොවී පැවති දුම්රිය වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කරමින්, රාජ්‍ය සේවකයන් සඳහා මෑතකදී හඳුන්වා දුන් අන්තර්ජාල පහසුකම මේ වන විට පෞද්ගලික අංශයේ සියලුම සේවකයන් වෙත ද පුළුල් කිරීමට කටයුතු යොදා තිබේ. මීට පෙර මගීන්ට පෝලිම්වල රැඳී සිටිමින් සහ තම සේවා ස්ථානවලින් ලිපි ලබා ගනිමින් වාර ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට සිදු වූ අතර මෙමගින් එම අපහසුතා මගහැරී යනු ඇත.
දුම්රිය හිඟය, වේලාවට ගමන් නොකිරීම සහ පහසුකම් අඩු වීම වැනි ගැටලුවලට හේතුවී ඇත්තේ අතීතයේදී නව එන්ජින් මිලදී ගැනීම්, අලුත්වැඩියාවන් සහ මාර්ග උත්ශ්‍රේණි කිරීම් නිසි පරිදි සිදු නොවීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක වන බව සඳහන් කළේය.
කෙසේ වෙතත්, මගීන්ට ඉක්මනින් සහන සැලසිය හැකි සංවර්ධන කටයුතු යටතේ දුම්රිය ස්ථානවල පහසුකම් වැඩිදියුණු කරමින් පවතින බවත්, ඉදිරියේදී එලෙස නවීකරණය කරන ලද දුම්රිය ස්ථාන කිහිපයක් ජනතාවට විවෘත කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
ලබන වසරේ සිට මෙරට ජනතාවට විදුලි දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව
බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්