නැගෙනහිර පළාතේ කල්අඩි, කාත්තන්කුඩි සහ කන්නන්කුඩා යන ප්‍රදේශවලදී පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්ට අදාළව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන සැප්තැම්බර් 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කළේය.
නඩුවේ තෙවැනි සැකකරු වන ‘පිල්ලෙයාන්’ ඇතුළු සැකකරුවන් බන්ධනාගාරයේ සිට ස්කයිප් (Skype) තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මඩකලපුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ඝා#නය කිරීමේ සිද්ධියට අදාළව ද මොහු රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ.
2008 වසරේ සිදු වූ මෙම පංච පුද්ගල ඝා#න සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සැකකරුවන් තිදෙනෙකු නම් කර ඇති අතර, ඉන් පළමු සැකකරු මේ වන විට මෙරටින් පලා ගොස් ඇති බව අධිකරණයට දැනුම් දී ඇත.

22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්! තීන්දුව කථානායකට!
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද?
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිතය නම් කෙරේ
ප්‍රවීණ සංගීතඥ විමලජිත් දොඹගහවත්ත අභාවප්‍රාප්ත වෙයි
ඇමති විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
ශම්මි සිල්වාට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මියයයි! සියදිවි හානිකර ගැනීමක්දැයි සැකයක්!
රුපියල ගැන මහ බැංකුව කියන කතාව
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලාගේ මරණයට විවෘත තීන්දුවක්
මැදපෙරදිග අර්බුද මැද බොරතෙල් මිලත් ඉහළට