Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

supreme court sri lanka

22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්! තීන්දුව කථානායකට!

1 hour ago

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අද (2) සඳහන් කළේය.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම්, එම පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ගොනුකළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට (3) දින ප.ව. 3ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල මෙහිදී පාර්ශ්වකරුවන්ට නියම කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *