2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිංහල මාධ්‍යයේ වැඩිම ලකුණ 193ක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අද (02) පස්වරුවේ විභාග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍යහමුවේදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මේ බව සඳහන් කළාය.
එමෙන්ම දෙමළ මාධ්‍ය වැඩිම ලකුණු 188, යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
මෙවර විභාගට විශේෂ අවස්ථා සහිත සිසුසිසුවියන් 1,018ක් පෙනී සිට ඇති අතර බේල් මාධ්‍යයෙන් දරුවන් 18 දෙනෙකෙු පෙනී සිටි බව විභාග කොමසාරිස්වරිය පැවසීය.
එමෙන්ම මෙවර කඩයිම් ලකුණු වන්නේ 139 වන අතර ප්‍රතිඵල අනුව සිසුන් 56,000ක් කඩඉම් ලකුණට වඩා ඉහළ ලකුණු ලබාගැනීමට සමත්ව ඇති බව ඇය සඳහන් කළාය.
ඉකුත් අගෝස්තු 9වැනිදා පැවති මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 294,132 සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටි අතර, ඉන් සිසුන් 289,867 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටියේය.
නැවත සමීක්ෂණයට අයදුම් කළයුතු දිනය සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම්දෙන බව ද ඇය වැඩිදුරටත් පැවසීය.

කෝටි 20ක කොටු වුණු සේදවත්ත කසුන්ගේ ගෝලයා
ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ගිලිහුණු 2027 ICC ශුරියන්ගේ කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම්
22වැනි සංශෝධනයේ පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් නොකිරීම ගැන CLA සභාපතිගේ කනස්සල්ල
22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්! තීන්දුව කථානායකට!
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිතය නම් කෙරේ
ප්‍රවීණ සංගීතඥ විමලජිත් දොඹගහවත්ත අභාවප්‍රාප්ත වෙයි
ඇමති විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
ශම්මි සිල්වාට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්