Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල පහළට

26 minutes ago

දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහත හෙළීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පියවර ගෙන තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ අද (04) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව, නැප්තා ලීටරයක මිල රුපියල් 35කින් පහත හෙළා ඇති අතර එහි නව මිල රුපියල් 175කි (පැරණි මිල රුපියල් 210). දැවිතෙල් ලීටරයක මිල රුපියල් 38කින් පහත හෙළා ඇති අතර එහි නව මිල රුපියල් 210කි. (පැරණි මිල රුපියල් 248).

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරට අදාළව රුපියල් බිලියන 27ක ලාභයක් උපයා ඇති බවද කළමනාකරණ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *